පළාත් හතරකට හා දිස්ත්‍රික්ක දෙකකට හෙට දිනයේදී සවස් කාලයේදි ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම හා උතුරු මැද පළාත්වලත් වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එසේම ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 75ට වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව උතුර, බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.