හෙට දිනයේදී සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග පළාත් අතර සීමිත බස්රථ ප්‍රමාණයක් හා දුම්රිය ප්‍රමාණයක් ධාවනය කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසී්‍ය.
කෙසේ වෙතත් පොදු ප්‍රවාහනය භාවිත කිරීමේදී සේවයට කැඳවීම සම්බන්ධයෙන් වන ලිපි ලේඛණ ඉදිරිපත් කළ යුතුව ඇති බවත් ඔහු පැවැසීය.
පසුගිය බ්‍රහස්පතින්දා දුම්රිය ධාවනය කළ කාලසටහන අනුව දුම්රිය ධාවනය කරන බවත් පළාත් තුළ දුම්රිය ධාවනය වන බවත් ඔහු පැවැසීය.
පෞද්ගලික අංශයට අවශ්‍යනම් පළාත් තුළ දුම්රිය ධාවනය කිරීමට අවස්ථාව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.