හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාකෝසි දූෂණ චෝදනා මත වැරදිකරු වී තිබේ. ඒ අනුව වසර දෙකක අත්හිටවූ වසර තුනක සිරදඬුවමක් ඔහුට නියම කිරීමට ප්‍රංශයේ අධිකරණය කටයුතු කර තිබේ.
පශ්චාත් යුධ සමයේ ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයකු නඩු විභාගයක් සඳහා උසාවියේ පෙනී සිටි පළමු වැනි අවස්ථාව මෙය වන අතර, සර්කෝසි සහ ඔහුගේ සම විත්තිකරුවන් දෙදෙනාද වැරදිකරුවන් වූහ. මෙම දඬුවම් නියම කිරීමෙන් පසු අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔවුන් අදහස් කර තිබේ.
2007 සිට 2012 දක්වා ප්‍රංශයේ ජනාධිපතිව සිටි සර්කෝසි, සිය නීතීඥයා මාර්ගයෙන් විනිසුරු ගිල්බට් අසිබර්ට් වෙත අල්ලස් දීමට තැත් කිරීම සම්බන්ධයෙන් වරදකරු කරනු ලැබීය.
එසේම සර්කෝසි 2007 ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා ලෝරල් ව්‍යාපාරයේ හිමිකාරිනය වන ලිලියන් බෙටෙන්කෝට් වෙතින් නීති විරෝධී මුදල් භාරගෙන ඇති බවට කෙරෙන චෝදනාවන්ද ගොනු වුවත්, සර්කෝසි එම නඩුවේ චෝදනාවන්ගෙන් නිදහස් විය. නමුත් අල්ලස් ලබා ගැනීමට තැත් කිරීම සම්බන්ධ දූෂණ චෝදනා නඩු විභාගයක් සිදුකෙරිණි.
මෙහිදී සාකෝසිට මෙන්ම ඔහුගේ නීතීඥයා වූ තියරි හර්සොග් සහ විනිසුරු අසිබර්ට් වෙතද ඔහුට මෙන්ම දඬුවම් නියම වූ සෙසු විත්තිකරුවන් දෙදෙනාය.