හිටපු ඉතාලි අගමැති සිල්වියෝ බර්ලූස්කෝනි මෙන්ම, බ්රසීල ජාතික ප්රකට පාපන්දු ක්රීඩක නෙයිමාර්ද කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
සිව් වතාවක් ඉතාලි අගමැති ධුරය දැරූ සිල්වියෝ බර්ලුස්කෝනි මෙසේ වෛරසයට ධනාත්මක වී ඇති අතර, ඔහුගේ විනෝදකාමී ජීවිතය නිසාම බර්ලූස්කෝනි කිහිප වතාවක්ම විවිධ ප්රශ්නවලටද මුහුණ දුන්නේය.
83 හැවිරිදි වියේ පසුවන හිටපු අගමැතිවරයා උතුරු ඉතාලියේ පිහිටි සිය නිවසේදීම නිරෝධායනයේ පසුවන බව වැඩිදුරටත් වාර්තා වෙයි.
මේ අතර කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ පැරිස් සෙන්ට්-ජර්මේන් ක්රීඩකයන් තිදෙනාගෙන් එක් අයෙකු බ්රසීලියානු පාපන්දු තරුවක් වන නෙයිමාර් විය හැකි බව නිව්යෝක් ටයිම්ස් ඇතුළු විදෙස් වාර්තා කිහිපයක්ම පවසයි.