මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් සමනලගම ප්‍රදේශයේ කොටසක් (19) දින අලුයම නායගොස් ඇත.
හැටන් සමනලගම ප්‍රදේශයට පිවිසෙන කෙටි මාර්ගයක යාබද කොටසක් ඊට පහතින් පිහිටි හැටන් නගරයේ වෙලදසැල දෙකක් අතරට පස් කන්ද නාය ගොස් ඇති බවයි හැටන් පොලිසිය කියා සිටියේ.
තවදුරටත් වැසි ලැබුණහොත් සමනලගමට පිවිසෙන කෙටි මාර්ගයේ තවත් කොටසක්ද නායයාමේ අවධානමක් පවතින බව සමනලගම ප්‍රදේශයේ පදිංචිකරුවන් කියා සිටියි.
හැටන් සමනලගම ප්‍රදේශය නායයාමේ අවධානම් සහිත ප්‍රදේශයක් බවට ජාතින ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් හදුනාගෙන එහි පදිංචිකරුවන් කිහිප දෙනෙකුට ඉවත් වෙන ලෙසට උපදෙස් ලබා දි ඇත.