කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයෙකු පිවිසි හැටන් නගරයේ නිමි ඇදුම් වෙළදසැලක් සහ පාවහන් වෙළදසැලක් අද දින පස්වරුවේ තාවකාලිකව වසා දමා එම වෙළදසැල් වල කළමණාකරුවන් , අයිතිකරුවන් සහ සේවකයින් ස්වයං නිරෝධානයට යොමු කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා කටයුතු කළහ.
හැටන් වටවල ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කල සේවකයෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම සේවකයා ලග්ගල නිරෝධායන මධ්‍යස්ථානයට (18) දින යොමු කර එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 118 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කිරිමට අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කර ඇත.
අසාදිතයා ඉකුත් 11 සහ 12 යන දෙදින හැටන් නගරයට පැමිණ රාජ්‍ය බැංකුවකට පිවිස ඇති අතර,එම බැංකුවේ අසාදිතයාගේ ළගම ආශ්රිත බැංකු කාර්යය මණ්ඩලයේ දෙදෙනෙකු (18) දින ස්වයං නිරොධානයට යොමු කිරිමටද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් කටයුතු කර තිබුණි.
(19) දින තාවකාලිකව වසා දැමුණු වෙළදසැල් දෙකේ කලමණාකරු , අයිතිකරු සහ සේවකයින් පි.සි.ආර් පරික්ෂණයකට යොමු කරන බවත් , එම වෙළදසැල් වල සෞඛ්‍ය උපදෙස් නොපිලිපැද ව්‍යාපාර කටයුතු සිදු කිරිම සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.