හැටන් රුවන්පුර ජනපදයේ ජල පෝෂක ප්‍රදේශයක අද (21) පස්වරුවේ ගින්නක් හටගෙන ඇත.
හැටන් රුවන්පුර ජනපදයට පානීය ජලය ලබා ගන්නා ජල පෝෂක ප්‍රදේශයේ අද පස්වරු 4 ට පමණ හට ගත් ගින්නෙන් අක්කරයක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි තිබේ.
ගින්නෙන් එම රක්ෂිතයට යාබදව තිබෙන පෞද්ගලික ඉඩමකටද ගින්න පැතිර ගෝස් තිබුණි.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග ඇතැම් පිරිසක් විසින් විනෝදාස්වාදය සඳහා සහ සතුන් දඩයම් කිරිමේ අරමුණින් ගිනි තැබිම් සිදු කරනු ලබයි.
මෙසේ රක්ෂිතවලට ගිනි තබන අය පිළිබදව තොරතුරු වෙතොත් ළගම ඇති පොලීසිය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.