වතු කම්කරු දෛනික වැටුප් වැඩි කරන ලෙස වතු සමාගම් වෙත බල කිරිම සදහා 05වන දින පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වල සිසුන්ගේ හා ගුරුවරුන්ගේ පැමිනිම අඩු මට්ටක පැවති බව විදුහල්පතිවරුන් කිප දෙනකු හා හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
මේ පිළිබදව වැඩිදුරටත් කරුණු දක්වන විදුහල්පතිවරුන් කිප දෙනකුම පවසන ලද්දේ 05වන දින හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වෙන බැවින් බොහෝ විදුහල්වලට සිසුන්ගේ පැමිණිම අඩු මට්ටමක පවතින බවත්ය.
කලාපයේ සිංහල සමහර විදුහල්වල සිසුන්ගේ පැමිණිම සියයට හතලිහත් පනහත් අතර වන බවත් ගුරුවරුන්ගේ පැමිණිම සියයට පනස් පහත් හැටත් අතර වන බවද ඔවුන් පවසති.
එමෙන්ම ද්‍රවිඩ විදුහල්වල සිසුන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ පැමිණිමද ඉතාමත් අඩු මට්ටමක පවතින බව ද්‍රවිඩ විදුහල් කිපයක විදුහල්පතිවරුන් පවසන ලදි.
මෙම තත්වයන් පිළිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් අධ්‍යාපන කලාපයේ නිලධාරියකු පවසන ලද්දේ 05වන දින ආරම්භ කරන ලද හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයේ සිසුන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ පැමිනිම සියයට තිහත් තිස් පහත් අතර දක්වා පහල බැස ඇති බවත්ය.
එමෙන්ම සිසුන්ගේ පැමිණිම ඉතාමත් අඩු මට්ටමක පැවති පාසල් පහක් පමණ විදුහල ආරම්භවි පැය දෙකක පමණ කාලයකදි වසා දැමිමට සිදුව ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් පවසන ලදි.
( චන්ද්‍ර සෙල්ලහේවා හැටන්)