කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් 11 දෙනෙකු හැටන් ප්‍රදේශයෙන් හමුවිමත් සමග හැටන් ප්‍රදේශය ඉකුත් (27) දින සිට හුදකලා ප්‍රදේශයක් බවට පත් කිරිමෙන් පසු හැටන් දික්ඔය නගර සභා සිමාවට අයත් ගම්මාන සහ හැටන් නගරය විෂබිජහරණය කර නිරෝධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර ලෙසට ප්‍රදේශවාසින් දැනුවත් කිරිම හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍යය අංශ විසින් අද දින සිදු කෙරිණ.
හැටන් දික්ඔය නගර සභා සිමාවේ කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් 11 දෙනෙකු නිරෝධාන මධ්‍යස්ථාන කරා යොමු කර එම රෝගින්ගේ පවුලේ සාමාජිකයන් සහ ආශ්‍රිතයන් 300 දෙනෙකු පමණ මේ වන විට සෞඛ්‍ය අංශ විසින් ස්වයං නිරෝධානයට යොමු කර ඇත.
හුදකලා කෙරුණු හැටන් නගරයේ මහජන වෙළදපොල භුමිය තවදුරටත් වසා දමා ඇති අතර , හැටන් නගරයේ ප්‍රධාන විදියේ සහ පැති විදියේ වෙළදසැල් කිහිපයක් සහ ඔසුසැල් කිහිපයක් අද දින විවෘත කර තිබුණද නගරයට පාරිභෝගිකයන්ගේ පැමිණිමේ විශාල අඩුවක් දක්නට ලැබුණි.