හැටන් නගරයෙන් පළමු කොවිඩ් අසාදිතයා හමුවිමත් සමග හැටන් නගරයේ සියලුම වෙළදසැල් වසා දැමිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත.
මේ පිළිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ හැටන් නගරයෙන් පළමු වරට කොවිඩ් අසාදිතයෙක් හමුවිමත් සමග අද 25 දින උදැසන හැටන් පොදු වෙළද පළ භුමිය වසා දැමිමට පියවර ගත් බවත්ය.
එම පියවර ගැනිමත් සමග නගරයට පැමිණි ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළි පැදිමකින් හා සමාජ දුරස්ථභාවයකින් තොරව වෙළද සැල්වල එක් රොක්විමත් සමග ප්‍රදේශයේ හා ප්‍රදේශයට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් හැටන් නගරයේ සියලුම වෙළද සැල් අද දින තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බවත්ය.
මෙම කොවිඩ් අසාදිතයා හේතුවෙන් නගරයේ උද්ගතව ඇති තත්ත්වයන් පිළිබදව අදාල අංශ සමග සකච්ජා කර ඉදිරි පියවර ගැනිමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පවසන ලදි.