පැලියගොඩ මත්ස්‍ය වෙළදපොලෙන් හැටන් නගරයට මත්ස්‍යයින් රැගෙනවිත් අලෙවි කල මත්ස්‍ය වෙළෙන්දෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණයෙන් තහවුරු විමත් සමග හැටන් මහජන වෙළදපොල තාවකාලිකව අද (25) දින සිට හුදකලා කිරිමට හැටන් දික්ඔය නගර සභාව සහ හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කලහ.
පැලියගොඩ මත්ස්‍ය වෙළදපොලෙන් මත්ස්‍යයින් රැගෙන විත් අලෙවි කල වෛසරය අසාදනය වු ව්‍යාපාරිකයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා රැගෙන යාමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් කටයුතු කර ඇත.
හැටන් නගරයේ මහජනපොළ භුමියද තාවකාලිකව වසා දැමිමටත් , හැටන් නගරයේ මහජන වෙළදපොළ විෂබිජහරණයට ලක් කිරිමට කටයුතු කල අතර ,එම ව්‍යාපාරිකයා හැටන් නගරයේ ආපනශාලා ඇතුළු වෙළදසැල් කිහිපයකටත් ගොස් ඇති බවට ලැබුණු තොරතුරු මත එම වෙළදසැල්ද තාවකාලිව වසා දැමිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කලහ.