කොවිඩ් 19 වෛසරය අසාදනය වු 11 දෙනෙකු හැටන් ප්‍රදේශයෙන් හදුනාගැනිමත් සමග හැටන් නගරය තවදුරටත් වසා දමා ඇත.
හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් හැටන් නගරයේ පොදු ස්ථාන සහ පදිකයින් ගමන් ගන්නා පදික වේදිකාව විෂබිජහරණය කිරිම අද දින සිදු කරනු ලැබුහ.
පැලියගොඩ මත්ස්‍ය වෙළදපොලෙන් මත්ස්‍යයින් මිලදි ගෙන හැටන් නගරයේ මහජනපොලේ මත්ස්‍යයින් අලෙවි කල ව්‍යාපාරිකයෙකුට ප්‍රථමයෙන් කොවිඩ් 19 වෛසරය අසාදනය වු අතර , එම රෝගියාගේ ආශ්‍රිතයින් 10 දෙනෙකුට පසුව කොවිඩ් 19 වෛසරය අසාදනය වි තිබුණි.
හැටන් ප්‍රදේශයේ කොවිඩ් 19 වෛසරය අසාදනය වු 11 දෙනා පොළොන්නරුව මනම්පිටිය ගල්ලැල්ල යුධ හමුදා නිරෝධාන මධ්‍යස්ථානයට සහ අම්පාර යුධ හමුදා නිරෝධාන මධ්‍යස්ථානයටත් නිරෝධායනය සදහා යොමු කර ඇත
එම අසාදිතයින් 11 දෙනාගේ ආශ්‍රිතයින් 435 දෙනෙකු (27) දින තුල පි.සි.ආර් පරික්ෂණයන්ට යොමු කර ඇති අතර , එම පි.සි.ආර් වාර්තාව ඉදිරියේදි ලැබිමට නියමිතය.
හැටන් නගරයේ ආරක්ෂාව තර කර ඇති අතර , කොළඹ ප්‍රදේශයේ සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරතව සිටින වතුකරයේ විශාල පිරිසක් ඔවුන් රැකියා වල නිරතව සිටි ස්ථානවලම සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ විසින් පි.සි.ආර් පරික්ෂණයක භාජනය කර එම පි.සි.ආර් පරික්ෂණ වාර්තාවේ කොවිඩ් 19 අසාදනය නොවු වතුකරයේ පදිංචි පිරිස් මේ වන විට ඔවුන් පදිංචි ප්‍රදේශවලටම ආපසු එවිමේ කටයුතු යුධ හමුදාව විසින් මේ දිනවල සිදු කරනු ලබයි.