හැටන් දික්ඔය නගර සභාවේ ලේකම්වරයා ,ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන් 08 දෙනෙක් සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයෙක් (24) දින ස්වයං නිරෝධානයට යොමු කර එම පිරිස පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කල බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පැවසිය.
හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්රිවරයෙකුට (24) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු විමත් සමග වෛරස් අසාදනය වි ඇති නාගරික මන්ත්‍රිවරයා ඉකුත් 19 දින ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රිවරුන් සමග හැටන් දික්ඔය නගර සභාවේ විපක්ෂයේ නාගරික මන්ත්‍රිවරයෙකුගේ නිවසේ පැවති උපන් දින උත්සවයකට සහභාගි වි ඇති බවට තහවුරු වි ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
එම උපන්දින සාදයට හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයාද සහභාගි වි ඇති අතර , සභාපති මිට ප්‍රථම ඔහුගේ නිවසේ ස්වයං නිරෝධානයට යොමු කර ඇත.
උපන්දින සාදය පැවැත් වු නාගරික මන්ත්‍රිවරයාගේ හිතවතෙකු වන මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකුද සිටින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයා ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ ආශ්‍රිතයෙකු වන බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.