හැටන් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයෙන් (02) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 28 දෙනෙකු හදුනාගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන කොටගල හැරිංටන් ජනපදය ,පොරස්ට්රික් වත්ත , මවුන්ට්වර්නන් වත්ත යන ප්‍රදේශවලින් මෙම අසාදිතයන් 28 දෙනා හදුනාගෙන ඇත.
අසාදිතයන් 28 දෙනා අතර කොටගල පොරස්ට්රික් වතු යායේ එකම පවුලේ 11 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවත්, එම අසාදිතයන් අතර වයස අවු 1 ½ වයසැති කුඩා ළමයෙකුද සිටින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
අසාදිතයන් 28 දෙනා පෙර අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් වු නිසා ස්වයං නිරෝධානයට යොමු කර ඉකුත් (29) දින සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණය අනුව නව අසාදිතයන් 28 දෙනා හදුනාගත් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.
කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් මේ වන විට අසාදිතයන් 247 දෙනෙකු හදුනාගෙන ඇති අතර, එම බල ප්‍රදේශයෙන් කොවිඩ් මරණ 10 ක් ද වාර්තා වි ඇත.
හැටන් රංජිත් රාජපක්ෂ