දිවයින පුරා පවතින වැසි තත්ත්වය හෙට දිනයේදී තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේම අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය හා වව්නියාව යන දිස්ත්‍රික්කවලට ඉතා තද වැසි ඇතිවෙන බවත් එම දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක් දක්වා ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.