බස්නාහිර ,සබරගමුව ,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල ,මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.
ඇතැම් ස්ථානවලට මි.මි 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.උතුරු මැද පළාතේද වැසි වාර කිහිපයක් ඇති විය හැක.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව තැනින් තැන , වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයින හරහා විශේෂයෙන්ම උතුරු,උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය,හම්බන්තොට ,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මි 50 පමණ තරමක තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මගින් සහ තාවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.