හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන අයෙකුට කොරෝනා වයිරසය ආසාදිත බවට පී.සී.ආර්.පරීක්ෂණ මගින් තහවුරුවීමෙන් පසුව එම අධ්‍යාපන කාර්යාලය තාවකාලිකව වසා දැමීමට (26) දින පියවර ගත් බව පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා ප්‍රකාශ කළේය.
අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන ආසාදිත පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මීට දින කිහිපයකට පෙර ඔහු හිඟුරක්ගොඩ අධ්‍යාපන කාර්යාලයට සේවය සඳහා පැමිණ ඇති බවද, කොළඹ මාකොළ ප්‍රදේශයේ පිහිටි සිය නිවෙසට ගොස් සිටියදී එහිදී සිදුකල පී.සී.ආර්.පරීක්ෂණයෙකින් කොරෝනා වයිරසය ආසාදිතවී තිබෙන බව තහවුරුවී ඇති බවත් වෛද්‍ය කුමාරවංශ මහතා වැඩිදුරටත් කීය.
මේ අතර එම කෙරෝනා රෝගියාගේ ආශ්‍රිතයන් ලෙස දැනට හඳුනාගෙන ඇති 81 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමුකළ බවද එම වාර්තා ලැබෙන තෙක් ඔවුන් සියලු දෙනා ස්වයං නිරෝධායනය සඳහා යොමුකළ බවද ඒ මහතා කීය.
එම ආශ්‍රිතයන්ගෙන් 51 දෙනෙකු අධ්‍යාපන කාර්යාලයේ රාජකාරී කරන අය බවත් අනෙක් 30 දෙනා ගුරුවරුන් සහ ගුරුඋපදේශකවරුන් පිරිසක් බවද කුමාරවංශ මහතා පැවසීය.