හංගේරියාවේ කොවිඩ්-19 ආසාදන ඉහළ යමින්, ආසාදිත දෛනික මරණ සංඛ්‍යාවද වේගවත් වී ඇති පසුබිමක පසුගිය අඟහරුවාදා වනවිට එරට තුළ එන්නත් මිලියන 2කට වඩා හෙවත් රටේ 20%කට එන්නත් ලබාදී ඇති බව පවසයි.
ඒ අනුව මේ වනවිට වාර්තාගත කොවිඩ්-19 රෝහල්ගත කිරීම් සහ මරණවලින් පසුව, රජය පුරෝකථනය කළ කාලයට වඩා වැඩි කාලයක් අගුළු දැමීමේ සීමාවන් බලාත්මක කිරීමට ඉඩ ඇති බවද පෙන්වා දෙයි.
රටේ එක් ප්‍රධාන රෝහලක බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ සීමාවන් ලිහිල් කළ නොහැකි බවත් නවතම දත්ත මත පදනම්ව ඒ සීමාවන් ඉතා දැඩි විය යුතු බවත්ය.