හිගුරක්ගොඩ ප්රදේශීය සභාවේ වෙන්දේසි කිරිමට සුදානම් කර තිබු ජල මීටර් කිපයක් සොරකම් කල අනියම් කම්කරුවන් දෙදෙනෙකු සහ ස්ථිර සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන හිගුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් එහි මහේස්ත්රාත්තුමා විසින් දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කල බව හිගුරක්ගොඩ පොලිසිය පවසයි.
හිගුරක්ගොඩ ප්රාදේශිය සභාව විසින් කල පැමිණිල්ලක් අනුව හිගුරක්ගොඩ පොලිසිය විසින් කල විමර්ශන අනුව ප්රාදේශිය සභා භූමියේ වෙන්දේසි කිරිම සදහා රැස් කොට තිබු ජල මීටර් කිපයක් මෙම සේවකයින් හතර දෙනා විසින් සොරකම් කර තිබේ.
සොරකම් කරන අයුරු ප්රදේශිය සභාවේ සවි කර තිබු ආරක්ෂක කැමරා වල එම ජල මිටර් මෙම පුද්ගලයින් හතර දෙනා සොරකම් කරන අකාරය සටහන් විම මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල බව හිගුරක්ගොඩ පොලිසිය පවසයි.