ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ඇමෙරිකාව නැවතත් ජනපති මෛත්රීපාල සිරිසේන මහතාට පවසා තිබේ.
ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවේ ප්රකාෂිකා හේදර් නොරට් සිය ට්විටර් ගිණුම හරහා සඳහන් කරන්නේ පාර්ලිමේන්තු කැඳවීම ප්රමාද කිරීම ශ්රී ලංකාව තුළ අස්ථාවරත්වයක් ඇතිවීමට හේතුවක් වෙනු ඇති බවයි.
මීට ඉහතදී ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ ශ්රී ලංකාවට මතුව තිබෙන දේශපාලන අර්බුදය පාර්ලිමේන්තුව තුළ විසඳාගත යුතු බවයි