හැකර් ප්‍රහාරයකට ලක්වූ රජයේ වෙබ් අඩවි දෙක පැයකටත් අඩු කාලයකදී යථා තත්ත්වයට පත්කළ බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංදය සඳහන් කරයි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවි දෙක ඊයේ පෙරවරු 6.38ට පමණ සයිබර් ප්‍රහාරයට ලක්ව තිබූ පෙරවරු 7.30 පමණ විට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරුවන් විසින් වෙබ් අඩවි යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කර තිබේ.