හික්කඩුව තැපැල් කාර්යාලය ඉදිරිපිට ගාලු පාරේදී අද (23දා) පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට බත්ව ඇතැයි හික්කඩුව පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තෙල්වත්ත, ඉදිගස්තුඩුව ප්රදේශයේ පදිංචිව සිටි නල්ලාහන්දී ලලිත් ක්රිශාන්ත ද සිල්වා (අවු.38) නමැති සිවුදරු පියෙකි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනා ධීවරකාර්මිකයෙකු වන මරණකරු වෙඩි තබා ඝාතනය කර පලාගොස් ඇති බවත්, මරණකරු හිටපු රත්ගම ප්රාදේශීය සභා සභාපතිගේ ප්රධාන ගෝලයකුගේ සොහොයුරකු බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
වෙඩි තැබීමට හේතුව අනාවරණය වී නොමැති බවද පොලීසිය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය - එම්. සුසිල් ප්රියන්ත/ ගාල්ල - රවිඳු දීයගහගේ