හික්කඩුව සංචාරක කලාපයේ රැදිසිටි විදේශීය සංචාරකයින් වැඩි පිරිසක් මේ වනවිට සිය මව්රටවලට ගොස් ඇති බව හික්කඩුව පොලීසිය පවසයි.
දැනට හික්කඩුව සංචාරක කළාපය තුළ රැඳී සිටින්නේ විදේශිය සංචාරකයින් 100කටත් වඩා අඩු පිරිසක් බව පොලීසිය පවසයි. මේ අය අතර රුසියානු යුක්රේන් ජාතිකයින් වැඩිපිරිසක් සිටින බවද පොලිසිය පවසයි.
මාස 06 පමණ කාලයක් මෙරටට රැදි සිටිම සදහා පැමිණි විදේශිය සංචාරකයින් හා ගුවන් ගමන් අවලංගු වීම නිසා යාමට නොහැකි සංචාරකයින් මෙසේ රැඳ සිටින බවද පොලීසිය පවසයි.
මේ අතර උණවටුණ සංචාරක කලාපය තුල රැදි සිටි විදේශිය සංචාරකයින් වැඩි පිරිසක් සිට මව්රටවලට ගොස් ඇත. දැනට උණවටුන සංචාරක කලාපය තුල රැදි සිටින්නේ ද 100කට වඩා අඩු සංචාරකයින් පිරිසක් බව උණවටුණේ සංචාරක හොටල් හිමියන් පවසයි.