සිරි දළඳා වන්දනාව වෙනුවෙන් බැතිමතුන්ගේ වර්ධනයක් පෙනෙන් බවත් අද දිනයේදී විශාල බැතිමතුන් පිරිසක් නුවරට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
ඊයේ සවස වන විට අද දිනයේ දළඳා වන්දනාව වෙනුවෙන් අසූ දහසකට අධික වන්දනාකරුවන් පිරිසක් මහනුවර නගරය වෙත පැමිණ සිටි බවත් අද උදෑසන වන විට එම අගය ලක්ෂය ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
අද දින දහවල් කාලය වන විට මෙම ප්රමාණය තවදුරටත් ඉහළ යා හැකි බවැනි තවත් දින හතරක කාලයක සිරි දළඳා වන්දනාව සිදු කිරීමට අවස්ථාව තිබෙන බැවින් හෙට දිනය මගහැර වෙනත් දිනයක් සිරි දළඳා වන්දනාව වෙනුවෙන් යොදා ගැනීමට කටයුතු කරන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවට දන්වා සිටියි.