මෙවර සිරි දළදා දැක්ම වෙනුවෙන් පැමිණෙන බැතිමතුන් සඳහා ආහාර ලබා දීම සඳහා දන්සැල් 2502 ක් අද (23) දින වන විට ලියා පදිංචි කළ බව මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් පැරකුම් ජයසිංහ මහතා පැවැසීය.
මෙවර බැතිමතුන් සඳහා දන්සැල් ලබා දීම ලියා පදිංචි කිරීම මාර්ගගතව සිදු කිරීමට මහනුවර මහ නගර සභාව පියවර ගෙන ඇති අතර ඊයේ දිනයේ දී (22) දින පමණක් අයදුම්පත්‍ර පන්සියයකට අධික සංඛ්‍යාවක් ලැබුණු බවද තවත් අයදුම්පත්‍ර 30 කට ආසන්න සංඛ්‍යාවක් සළකා බලමින් සිටින බවත් ඒ මහතා කීවේය.
මෙවර සිරි දළදා දැක්ම වෙනුවෙන් දන්සැල් ලබා දීය හැක්කේ ලියාපදිංචි පුද්ගලයින් සහ ආයතන වලට පමණක් බවත් ඒ සඳහා ඔවුන් වෙත සහතික පත්‍රයක් ලබා දීමට ද පියවර ගෙන ඇති බවත් තවදුරටත් දන්සල් සඳහා ලියාපදිංචිය මහනුවර මහ නගර සභාවේ වෙබ් අඩවිය හරහා ලබා ගත හැකි බවත් ප්‍රධාන නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේය.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්