පිටිගල විහාරයක නායක හිමියන් වහන්සේ නමක තියුණු ආයුධයකින් කළ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ පිරිමි ළමයෙක් තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඊයේ (1) ඇතුළත් කළ බව පිටිගල පොලීසිය කියයි.
මෙසේ තුවාල ලබා රෝහල් ගත කොට ඇත්තේ මාතර ප්රදේශයේ පදිංචි එම විහාරයේ නැවතී සිටි දහතුන් හැවිරිදි දරුවකු බවද පොලීසිය කියයි.
මේ හිමි නම දරුවාගේ දකුණු කකුලේ කලවා ප්රදේශයට පිහියකින් ඇන තුවාල සිදුකර තිබෙන බවද පොලීසිය කියයි.
මේ පිහි ඇනීමෙන් පසුව තුවාල ලැබූ දරුවා එම විහාරස්ථානයේ වෙසෙන වෙනත් හිමිවරුන් දෙදෙනෙකු විසින් ප්රතිකාර සඳහා තල්ගස්වල, ගල්ලිද ග්රාමීය රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව වැඩිදුර ප්රිතිකර සඳහා ඊයේ (1) රෑ 11 ට පමණ ඇල්පිටිය මුලික රෝහලට ඇතුලත් කර තිබේ.
සැකකාර හිමි නම මේ වනතෙක් ඒ සමබන්ධයෙන් සැකපිට ප්රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන නැති අතර උන්වහන්සේ බීමතින් මේ පහරදීම සිදු කර ඇතිද යන්න සොයා බැලීමට පරීක්ෂණ පවත්වන බව ද පොලීසිය කියයි.
විහාරස්ථානයේ ඇතිවූ කතාබහක් දුර යෑමෙන් පසු මේ පිහි ඇනුම සිදුව තිබෙන බවද පොලීසිය කියයි. පිටිගල පොලිසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත