දින 10කට අධික කාලයක් සුළිසුලං සහ මුහුදු රළු වීමෙන් මුහුදු ගමන් යාමට නොහැකි වීම හේතුවෙන් යාපනයේ දූපත්හි ධීවරයින් ගැටලු රැසකට මුහුණ පා සිටිති.
යාපනය නෙඩුන්තීව්, අනලතිව්, පුන්කුඩතීව් ආදී දූපත්හි ධීවරයින්ගේ ධීවර යාත්රා රැසකට සුළි සුළං හේතුවෙන් හානි සිදුවීමත් දැල් ආම්පන්න විනාශ වීමත් හේතුවෙන් ධීවරයින්ගේ දෛනික ධීවර කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල වී ඇත.
මේ අතර ධීවරයින්ගේ ගැටලු සම්න්ධයෙන් වගකිවයුතු බලධාරීන් දැනුවත් කලද මෙතෙක් විපතට පත් වූ ධීවරයින්ගේ ගැටලුවලට විසඳුම් නොලැබුණු බවට දූපත් ධීවරයින් පවසා සිටිති.
එමෙන්ම පසුගිය දින 10 කට අධික කාලයක් මසුන් ඇල්ලීමට මුහුදු ගමන් යාමට නොහැකි වීම හේතුවෙන් යාපනයේ දූපත් ධීවරයින්ගේ දෛනික ආර්ථිකයටද දැඩි බලපෑමක් එල්ල වී ඇත.