Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2012 වසරේ සංගණනය අනුව සිංහල ජනතාවට සාපෙක්ෂව සිංහල ළමා ජනගහණය සියයට 4කින් අඩුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.
අද පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
තමන් ඉදිරිපත් කරන්නේ ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු බවත් ඔහු පැවැසීය.
2012 වසරේදී ලංකාවේ සංහල ජනගහනය 75%ක්, ලංකා දෙමළ 11%, ඉන්දීය දෙමළ 4%ක් හා මුස්ලිම් ජනගහණය 9% ක් වූ බව ඔහු පැවැසීය.
එම වසරේදී අවුරුදු 14ට අඩු ළමා ජනගහණයෙන් 71%ක් සිංහල, 12%ක් ලංකා දෙමළ, 5%ක් ඉන්දීය දෙමළ හා 12%ක් මුස්ලිම් වූ බව ඔහු ප්‍රකාශ කළේය.
ඒ අනුව සිංහල ජනහගණයට සාපෙක්ෂව සිංහල ළමා ජනගහණය අඩුව ඇති බවත් මුස්ලිම් ජනතාවට සාපේක්ෂව ළමා ජනගහණය සියයට 33කින් පමණ (සියයට 9 සිට සියයට 12 දක්වා) වැඩිවී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඒ අනුව සිංහල ජාතිය ක්‍රමයෙන් වදවී යන ජාතියක් බවට පත්ව ඇති බවත් එය 2012 ජන සංගණනයෙන් පැහැදිලිවන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
popular news
ruchira palpola Wednesday, 19 June 2019 07:22 PM
මෙයා ට ලංකාවේ ළමයි ගැන ඔය තරම් කැක්කුමක් මොකටද?මෙයාගේ දරුවෝ භාර්යාව ඔස්ට්‍රලියාවේ.එහෙගිහින් ඒ ය ගැන බලන එකයි දැන් තියෙන්නේ.අයෙත් ගෝටා ජනාධිපති වරණයට එන්නෙත් නැහැ .ජාති වාදී බන නොදෙසා ඉන්නවනම් ඉන්න්නවා.නැතිනම්....
Reply : 0 0
Dayan Wednesday, 19 June 2019 09:22 PM
සිංහලයා කම්මැලිය. දරුවන් සීමා කිරීම තමෛ හේතුව. ඒකට මුස්ලිම් ජාතිය පලි නෑ. මෙයාට ලමය් කීදෙනෙක් ඉන්නවද?
Reply : 0 0
Kumar Thursday, 20 June 2019 08:48 AM
සංගණනයක් නොකර මේ වැනි ප්‍රකාශයක් කරන්නේ කොහොමද. ඔබතුමාලා වගේ අය තමා බොරු ප්‍රචාර පතුරුවලා රටේ ජාති බේද ඇති කරන්නෙ. ඇමෙරිකාවේ ජනාධිපති තුමා දිනන්න සූදානම් වෙන්නෙත් ඔය ක්‍රමයට තමා.
Reply : 0 2
ඉලේපෙරුම Thursday, 20 June 2019 11:22 AM
මේ සංඛ්‍යා දත්ත දෙස බලා මේ තත්ත්වයට පාදක වන අනෙක් සාධක කිසිවක් නොසලකා සිංහල ජාතිය ක්‍රමයෙන් වදවී යන ජාතියක් බවට පත්ව ඇති බව තීරණය කිරීම වැරදියි. වෙනත් කරුණු නොසැලකුවොත් මේ දත්ත දෙස බලා මෙසේ ද පැවසිය හැකියි. "සිංහලයන්ට අනෙක් ජාතීන්ට වඩා හොඳ සෞඛ්‍ය පහසුකම් තියනවා, සිංහලයන්ගේ ආදායම අනෙක් ජාතීන්ට වඩා හොඳයි ඒ නිසා ඔවුන් හොඳ පෝෂ්‍යදායක ආහාර ගන්නවා, සිංහලයන් පදිංචි පෙදෙස්වල හොඳ රෝහල් තියනවා, එහෙයින් සිංහලයන් අනෙක් ජාතීන්ට වඩා වැඩි කාලයක් ජීවත් වෙනවා ඒ නිසා මුළු ජනගහනයේ සිංහල ප්‍රතිශතය වැඩි වී ඇත". ඒ නිසා කිසියම් ජන වර්ගයක උපත් අනුපාතය, ළදරු / ළමා මරණ අනුපාතය වැනි මීට අදාළ සංඛ්‍යා ලේඛන දත්ත දෙස බලා විනා මෙවැනි ප්‍රකාශයක් කිරීම සුදුසු නැත.
Reply : 0 1
Deepal Nirosh Thursday, 20 June 2019 11:24 AM
ඉතින් මෙයාට තියන අමාරුව මොකද්ද? කී පාරක් කිවිව ද දැන් ලංකාව සිංහල බෞද්ධ රටක් නොවෙයි කියල. ඒ්ක ගැසට් කරන්න කියල ද මුදල් ඇමතිතුමාට මේ කියන්න හදන්නෙ.
Reply : 0 0
Champa Thursday, 20 June 2019 08:01 PM
සිංහල ළමා ජනගහනයේ අඩුවක් වෙන්න ආර්ථික සහ සමාජමය හේතු බලපාල තියෙනවා. උදාහරණයක් විදිහට, රටේ සියයට 95 විතර ඉන්න සාමන්‍ය ජනතාව පැත්තෙන් ගත්තොත් ආර්ථිකය හොඳ කරන්න කාන්තාවන් විවිධ මට්ටමේ රැකියා වලට යොමු වෙනවා. ඒ හින්ද ගෙදර දරුවන් බලා ගන්න කවුරුවත් නැහැ. විවිධ වයසේ ඉන්න දරුවන් පාසල් ගෙන යාම ඒම ගැන ප්‍රශ්න තියෙනව. දරුවන් ගෙදර තනියම තියන්න බැහැ. අනික දරුවන් 3, 4කට වියදම් කරන්න අදායම මදි. ඒ හින්දත් දරුවන් සීමා කරන්න පෙළඹෙනවා. සිංහල පවුල් බොහෝවිට දරුවන් 2කින් නවතිනවා. නමුත් මේ ආර්ථික සහ සමාජමය හේතු වලට විසඳුම් දුන්නොත්, සිංහල කාන්තාවෝ මීට වඩා දරුවන් බිහි කරන්න පෙළඹෙයි. මුස්ලිම් කාන්තාවන්ට මේ ප්‍රශ්ණය නැහැ ඔවුන්ගෙන් බහුතරය නිවසේ ඉන්න නිසා. සිංහල ජාතිය වඳවීමේ තර්ජනයකට මුහුණ දීල තියෙනවා නම් ඒකට වග කියන්න ඕනේ සිංහල දේශපාලකයෝ. ඒ මොකොද කිව්වා නම් මෙතෙක් බලයේ හිටපු කිසිම සිංහල දේශපාලන නායකයෙක් සිංහල ජාතියේ පැවැත්ම වෙනුවෙන් කරපු කිසි දෙයක් නැහැ. අනාගතයේ කරන්නෙත් නැහැ. ලංකාවේ ඊළඟ නායකයා එන්න ඕනේ ජනතාව අතරින්. එහෙම ඇවිල්ල දේශපාලකයන්ට උගන්වන්න ඕනේ දේශපාලනය නොකර රටක් පාලනය කරන හැටි සහ සිංහල ජාතිය වෙනුවෙන්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd