වව්නියාව දිස්ත්‍රික්කය තුළ ඉතාම සුළු වශයෙන් සමාජ සේවා කටයුතු වල නිරත වන ද්‍රවිඩ පුද්ගලයෙකු වව්නියාව මඩුකන්ද ශ්‍රී ධම්මරතන විද්‍යායතන පිරිවෙණේ ඉගෙනුම ලබන සිසු දරුවන්ට ලබන වර්ෂය සදහා පොත්පත් හා පාසල් උපකරණ බෙදා දෙන ලදී.
එස්.චන්ද්‍රකුමාර් කන්නන් නැමති ඔහු මෙම පාසල් උපකරණ බෙදාදෙමින් කියා සිටියේ සිංහල දෙමළ, මුස්ලිම් වශයෙන් ළමයින් වර්ග නොකොට අධ්‍යාපනය සදහා අවශ්‍ය සෑම සහයෝගයක්ම ඔවුන්ට ලබා දිය යුතු බවයි.
උගත් සමාජයක් තුළ ඕනෑම ප්‍රශ්නයක් විසදා ගැනීමට හැකි නිසා ළමයින්ගේ ආර්ථික අපහසුතා තේරුම් ගෙන ඔවුන්ට උදව් උපකාර කළ යුතු බවද මේ පොත් බෙදා දීමේ අවස්ථාවට සහභාගි වෙමින් කන්නන් මහතා කියා සිටියේය.
වව්නියාව මඩුකන්ද ශ්‍රී ධම්මරතන විද්‍යායතන පිරිවෙණෙන් අපොස උසස් පෙළ හදාරා වව්නියාව මලයාපරත්තිකුලම ගම්මානයෙන් ප්‍රථම වතාවට විශ්ව විද්‍යාලයට තේරීපත් වූ ශිෂ්‍යාවකට ඇගේ විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මසකට රුපියල් 5000 බැගින් ලබා දීමටද කන්නන් මහතා මෙහිදී එකග විය.