කුඩා සතුන්ගෙන් සිදුවන වගා හානි වැළැක්වීම සඳහා සුහුරු බෝග ආරක්ෂණ පද්ධතිය නමින් වූ විද්‍යුත් ආරක්ෂණ පද්ධතියක් ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂි ආදර්ශ ගම්මානය වන හපුතලේ කහත්තේවෙල ගම්මානයේ වගා ආරක්ෂණය සඳහා හඳුන්වාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගියදා කටයුතු කළේය.
වටිනාකම රුපියල් ලක්ෂ 20ක් වන මෙම ආරක්ෂණ පද්ධතිය, වෛද්‍ය සරත් විමලසූරිය හා විදුලි ඉංජිනේරු අචල උත්සුක යන මහත්වරුන් විසින් නිර්මාණය කළ එකකි. ඒ අනුව, මෙම ආරක්ෂණපද්ධතිය, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත වූ අතර, එවැනි විදුලි පද්ධති 25ක් රජයේ වියදමින් නොමිලේ ගොවීන් වෙත බෙදාදීමද එහිදී සිදු කෙරිණි.
මෙම ආරක්ෂණ පද්ධතිය හරහා විදුලි වැටට සපයන විදුලිය මගින් සතුන්ගේ ජීවිතවලට හානියක් සිදු නොවන අතර සතුන් බිය ගන්වා පළවාහැරීම පමණක් සිදු කෙරෙනු ඇත.
ආරක්ෂණ පද්ධතිය විවෘත කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිර්මාණකරුවන්ගෙන් ඉල්ලා සිටියේ වෙනත් ප්රදේශවලගොවීන්ද මෙම පද්ධතිය හඳුන්වා දීමට කටයුතු කරන අතරම විශේෂයෙන් අලින් වැනි විශාල සතුන්ගෙන් වන වගාහානි වළක්වාලීමට සුදුසු පද්ධතියක් නිර්මාණය කර දෙන ලෙසයි.
එසේම, සතුන් මරා දැමීමට පියවර නොගන්නාහෙයින් වගාවන්ට සිදුවන සත්ත්ව හානි වළක්වාලීමට විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන් වෙත උපදෙස් දෙනු ලැබීය.
ශ්‍රී ලංකාවේ මේ වනවිට ගොවීන් වගා කරන භෝගවලින් 30%- 40%ත් අතර ප්‍රමාණයක් සතුන්ගෙන් වන හානි හේතුවෙන් විනාශයට පත්වන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.