පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් හා දැනට අත්අඩංගුවේ පසුවන නවුෆර් මවුලවි අතර ප්‍රශ්න ඇතිව තිබුණ බවට එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවෙ අධ්යක්ෂවරයා ප්‍රකාශ කළ බව හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“ඒ කාලේ සී.අයි.ඩී. අධ්යක්ෂතුමා අපට ප්‍රකාශ කළේ සහරාන් හා නවුෆර් මවුලවී අතර ගැටුමක් ඇතිවුණා කියලා. පිරිසක් කියා තිබෙනවා සහරාන්ගේ නායකත්වය හොඳ නෑ මවුලවි තමයි එන්න ඕන කියලා නායකත්වය ගන්න.
ඒ දෙන්නා අතර ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තිබුණා ඒ අවස්ථාවේ. එයා විතරක් (නවුෆර් මවුලවි) මේකේ මොලකරු කියලා කියන්න බෑ. මොන පදනමක් උඩද ඇමතිතුමා කළේ කියලා තවත් පැහැදිලි කරන්න අවශ්‍යයි.
මවුලවිගේ අදහසක් යටතේද ප්‍රහාරය එල්ල කළේ කියලා පැහැදිලි සාක්ෂි තියෙනවම් රටට කියන්න ඕන. මේ ගැන අපි ඉදිරියේදී රටට ප්‍රකාශයක් කරනවා”