පාස්කු ඉරුදින ප්රහාරයෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතාවයක් ඇති බවට සැකපිට අත්අඩංගුවට ගත් 64 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරිම මේ මස 31 වන දින දක්වා දීර්ඝ කර ඇත.
නුවරඑළියෙහි ඇති ජාතික තවුහිද් ජමාද් මුලස්ථානයේ ආයුධ පුහුණු ලබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් කාත්තාන්කුඩිහි පදිංචිකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
පාස්කු ඉරුදින ප්රහාරයෙන් පසු කරන ලද විමර්ශන මත මොවුන් සැකපිට අත් අඩංගුවට ගැන රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි.
අද දින මඩකලපුව මහේස්ත්රාත් මහාධිකරණ විනිසුරු ඒ. සී රිස්වාන් ඉදිරියේ ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස 31 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරන ලදී.
මඩකලපුව - ටි.එල් ජවිෆර්කාන්