පාස්කු ඉරු දින ප්රහාරයෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතාවයක් ඇති බවට අත්අඩංගුවට ගත් 61 දෙනා නැවතත් පෙබරවාරි මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට උපදෙස් දි තිබේ.
නුවරඑළියෙහි ජාතික තවුහිද් ජමාත් මුලස්ථානයේ ආයුධ පුහුණුව ලැබුවේයැයි සැකපිට අත්අඩංගුවට ගත් කාත්තාන්කුඩි පදිංචිකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පාස්කු ඉරුදින ප්රහාරයෙන් පසු කරන ලද විමර්ශන අනුව මොවුන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුනි.
අද (28 ) මඩකලපුව මහාධිකරණ විනිසුරු ඒ. සි රිස්වාන් ඉදිරියේ ඉදිරිපත්කිරීමෙන් පසු ලබන මස 11 දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් නියෝග කර තිබේ.