ජාතික තව්හීද් ජමාත් තහනම් සංවිධානය සමග කිසිම සබඳතාවක් පවත්වා නොමැති බවත් එහි නායකයා බව කියන සහ්රාන් හෂීම් තමාව හමුවී වී හෝ කථා කර නොමැති බවත් රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.
“ඇත්තටම මේ ත්රස්තවාදය ගැන මම දන්නේ නෑ. සමහර විට මේ මැරුණ අයගේ නොනලා දන්නෙත් නෑ. තාත්තලා දන්නෙත් නෑ.
මේ ත්රස්තවාදය විනාශ කරලා සුද්ධ කරලා දාන්න ඕන. මේ කරපු එක වැරදියි. අපිට හරි සතුටුයි. ඔක්කෝම දැන් අල්ලගෙන යනවා. අපි සහාය දෙන්න සූදානම්. මේක සුද්ද කරන්න ඕන.”
එසේම මෙහිදී ඔහු සඳහන් කළේ ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරු පැදිවලින් ගමන් කිරීම හෝ අංක තහඩු නොමැති යතුරු පැදි හෝ වාහන භාවිත කිරිම වැරැද්දක් බවත් ඔහු ප්රකාශ කළේය.