DNA පරික්ෂණයක් සඳහා ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැලකෙන සහාරාන් හෂීම්ගේ දියණියගේ රුධිර සාම්පල ලබාගැනීම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත අධිකරණය අද (10) අවසර ලබා දුන්නේය.
පාස්කු ඉරිදා ෂ්රැංග්රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් සහාරාන් හෂීම් බව ආරක්ෂක අංශ පවසයි. ඔහුගේ දියණිය හා බිරිඳ සයින්ද මර්දු ප්රදේශයේ සිදුවූ පිපිරිම් වලින් තුවාල ලබා මේ වන විට රෝහල් ගතව ප්රතිකාර ලබයි.