රාජ්ය බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත අද ( 27) අම්පාර ප්රදේශයේදි තවත් ත්රස්තවාදි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් දෙදෙනා ජාතික තවුහිත් ජමාත් හා ජමාත් මිල්ලතේ ඉබ්රහිම් නැමැති සංවිධාන දෙකක ක්රියාකාරීන් දෙදෙනෙකු බව පැවසේ.
මොහොමදු රයිසුද්ධියන් අබ්දුල් රහුමාන් නොහොත් අබුනාස් හා සෙයිනුල් ආබ්දීන් හස්ල නොහොත් අබුරාවා යන අයයි.
මෙහි අබ්දුල් රහුමාන් නුවරඑළිය ප්රදේශයේදි පුහුණුව ලබා ඇති අතර සෙයිනුල් ආබ්දීන් හම්බන්තොට ප්රදේශයේදි පුහුණුව ලබා ඇති බව සඳහන් වේ.
කෂිනි හපුආරච්චි