ග්‍රාමනිලධාරීන් ප්රමුඛ රාජ්‍ය නිලධාරීන් හරහා පීඩාවට පත්ව සිටින ජනතාවට සහන ලබා දීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැවත වරක් රජයෙන් ඉල්ලා සිටියි.
අද (17) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ, ග්‍රාමනිලධාරීන් සහන ලබාදීමේ යාන්ත්‍රණයෙන් ඉවත් වූයේ එය දේශපාලනීකරණයට ලක්ව ඇති බව වටහා ගත් බැවින් යැයි ද ප්‍රේමදාස මහතා කියා සිටියේය.
දේශපාලන නියෝජිතයින් හරහා ක්‍රියාත්මක කරන මෙම යාන්ත්‍රණය අත් හිටුවා, එය රාජ්‍ය නිලධාරීන් හරහා විනිවිදභාවයකින් යුතුව ඉටු කරන ලෙස ද ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියි.
සමස්ත ජනතාව ලෙස සලකා සහන ලබා දෙන ලෙසත්, තම පාක්ෂිකයන්ට පමණක් එය ලබා දීම තුළත් පීඩාවට පත්ව සිටින ජනතාව තවදුරටත් පීඩාවට පත් වන බවත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.