ලබන වසරේදී ශ්‍රී ලංකාවට ණය වාරික හා පොලිය ලෙස රුපියල් ට්‍රිලියනකට අධික මුදලක් ගෙවීමට සිදුව ඇති බවත් ඒ අනුව ලංකාවේ ණය ගෙවීම ට්‍රිලියන ගණන දක්වා ඉතිහාසයේ පළමු වතාවට වැඩිවී ඇති බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුව ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවැසීය.
පසුගිය මහින්ද රාජපක්ෂ රජය 2010 වසරේදී සියයට 7.4ක අධික පොලියක් යටතේ ලබාගෙන අති ඩොලර් බිලියනක් වන ණය 2020දී ගෙවීමේදී සිදුව ඇති බවත් ඔහු පැවැසීය.
2030 වසර වන විට ශ්‍රී ලංකාව ණය බරින් අවම රටක් බවට පත්කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
අධික ණය ගෙවීම් හේතුවෙන් සිහින මැවූ සංවර්ධනය අත්කර ගැනීමට නොහැකි වූ නමුත් අභියෝගාත්මකව සංවර්ධනයද කළ බව ඔහු ප්‍රකාශ කළේය.
2020 වසරේ ජනවාරි මාසය වන විට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් නොසිතූ ලෙස ඉහළ යන බවත් ඔහු සඳහන් කළේය.