ජනතාවට සහන ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතාට අවශ්‍ය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාදීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම මහතා පැවසීය.
කෙසේ වෙතත් නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරවා හැරීමට අවශ්‍ය තුනෙන් දෙකේ බලය ලබාදීමට කටයුතු නොකරන බව විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (19දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අද වනවිට මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රජය වැඩ කටයුතු සිදු නොකරන බවත්, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපටවලට මුවා වී ජනතා ප්‍රශ්න යටගසමින් සිටින බවත්, අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා එම මාධ්‍ය හමුවේදී පැවසීය.
එහිදී මාධ්‍ය‘වේදීන් විමසූ ප්‍රශ්නවලටද මන්ත්‍රීවරයා පිළිතුරු ලබාදුන්නේය.
ප්රශ්නය - ප්‍රවෘත්තියක් පළ වුණා ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දෙපිලකට බෙදිලා ඡන්දෙට ඉදිරිපත් වෙනවා කියලා.
පිළිතුර - නෑ, ඒක කවදාවත් වෙන්නේ නෑ. සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමා කියලා තියෙනවා කිසි විටෙක එක්සත් ජාතික පක්ෂය බෙදන්න ඉඩ දෙන්නෑ කියලා.