සහෝදරයින් දෙදෙනෙකුට ආණ්ඩුව දිලා එක වෙලක් කනවාද එජාපයට ඡන්දය දිලා තුන්වෙලක් කනවාද කියලා අගෝස්තු මස 05 වැනිදින ජනතාව තිරණය කළ යුතු බැව් එජාප නායක රනිල් වික්‍රමසිංහ අද (02) පස්වරුවේ ගාල්ලේ දි පැවසිය.
ගාල්ල දිස්ත්‍රික්කය සදහා එජාපයෙන් තරගවදින අපේක්ෂකයින්ගේ ජයතහවුරු කිරිම සදහා ගාල්ල ක්රිඩාමණ්ඩප ශාලාවේ දි මෙම රැස්විම පැවැත්විණි.ගාල්ල දිස්ත්‍රික් එජාප නායක හා එජාප අපෙක්ෂක වජිර අබේවර්ධන මහතා විසින් මෙම රැස්විම සංවිධානය කොට තිබු අතර එහිදි රනිල් වික්‍රමසිංහ මෙසේද කිවේය.
මෙක දේශපාලනඥයින්ගේ ඡන්දයක් නෙවෙයි ඡන්දදායකයින්ගේ ඡන්දයක්.පුරවැසියාගේ ඡන්දය මේ රටේ වි්යවස්ථාදායකයේ බලය තියෙන්නේ පාර්ලිමෙන්තුවට මේ රටේ අධිකරණ විධායකය වගකියන්නේ පාර්ලිමෙන්තුවට අගමැතිපත් කරන්නේ පාර්ලිමෙන්තුවෙන්. අගමැති තමයි කැබිනට් මණ්ඩලය පත්කරන්නේ. අගෝස්තු 05වැනිදා පාර්ලිමෙන්තුව තොරන්නේ. පාර්ලිමෙන්තුව තොරන්නේ ඡන්දදායකයින්. මේක දේශපාලනඥයින්ගේ ඡන්දයක් නෙවෙයි මෙක ඔබේ ඡන්දයක්. ඡන්දයට එක එක කණ්ඩායම් අපේක්ෂකයින් පක්ෂ ඉදිරිපත් වෙනවා.අපි එතනට එන්නේ ඔබට අවස්ථාව දෙන්න කවුද තොරන්නේ කියලා. අද ආණඩුබලය ලබාගැනිහට ඉදිරිපත් වෙන්නේ පක්ෂ දෙකයි. ආණ්ඩුබලය ගන්න ඉදිරිපත් වෙන්නේ එජාපය හා දැන් ඉන්න පොහොට්ටුවයි. වෙන කවුරුවත් එන්නේ නැහැ බලය ඉල්ලලා එක් පක්ෂයක් කියලා තිබුනා ශක්තිමක් විපක්ෂයක් අවශ්‍යයි කියලා. තව පක්ෂයක් කියලා තිබුනා උතුරේ දුවිඩ ජනතාවගේ ප්‍රශ්න විසදනවා කියලා.
තව පක්ෂයක් ඇවිත් ඉන්නේ මට බනින්න මම ආණ්ඩුව එක්ක ඩිල් එකක් දාලා කියලා. කාටද බලය ලබාදෙන්නේ කියලා ඔබ තොරන්නේ ඔබ තමයි තිරණය කරන්නේ. එක අතහරින්න එපා ඔනැම රට දේශපාලන සංදිස්ථානයක්. කොහොමද කොරෝන අර්බුදයට මුහුණ දෙන්නේ. අර්බුදයක් නැහැ කියලා හැංගිලා ඉන්නවාද නැතිනම් ඒ අර්බුදයට මුහුන දෙනවාද? ඒතුලින් ඔබේ අනාගතය තිරණය වෙනවා.ඒ නිසා ගෙදර හිටියොත් තමන් කමන්ගේ අනාගතය අතහරිනවා. මෙතන තිරණය කරන්නේ ඔබේ අනාගතය. පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙන කණ්ඩායමතමයි රටේ වැඩකටයුතු කරන්නේ.එක අත්හරින්න එපා එක අපේ ඡන්දයක් නෙවෙයි අපි ඉදිරිපත් වෙනවා. මාත් ඡන්දය දෙන්නේ ඡන්දදායකයෙකු හැටියට පක්ෂනායකයකු හිටපු අගැමතිවරයකු හැටියට නෙවෙයි. ඔබේ යුතුකම තමයි ඡන්දය පාවිච්චි කිරිම ඔබට මෙක ලබා දුන්නේ ඩි.එස් සේනානායක මැතිතුමා එතුමා නිදහස ලබාදිලා කිවා රටේ බලය තියෙන්න ඕන ජනතාවට කියලා.
ඒ නිසා ජනතාව පත්කරණ පාර්ලිමෙන්තුවට බලය දෙන්න ජනතාව මෙකඅත්හරින්න එපා කරුණාකරලා ඡන්දය දෙන්න.සමහරු කියනවා දේශපාලන පක්ෂවලින් වැඩක් නැහැ කියලා නමුත් ජනාධිපතිවරණයේ දි විශාල උනන්දුවක් තිබුනා ඡන්දය දෙන්න අද ඒ උනන්දුව නැතිවෙලා දේශපාලනඥයින් එපා වෙලා වෙන අයෙක් ගෙනාවා. කොරෝනා තියෙනවා කියලා වෙනත් දේවල් කියලා ඡන්දය නොදි ඉන්න එපා ඡන්දය දෙන්න යන්න. ඔබේ අයිතිය පැහැර හරින්න එපා තමන්ගේ ප්රජාතන්ත්රවාදි අයිතිය පාවිච්චි කරන්නේ නැතිනම් එකාධිපතිවාදයට තිත තියෙනවා අද ඔබෙ බලාපොරත්තු නැතිවෙලා මතක තියාගන්න මේ ඡන්දය වැදගත් කොරෝනාව ලෝකයේම තියෙන අර්බුදයක් සමහර රටවල් කොරෝනාව පාලනය කරණවා ආර්ථික ආර්බුදයට මුහුණ දෙනවා එතුලින් ගොඩ එන්න වැඩසටහන් ගෙනවා. ඒබව තේරුම් අරගෙන ලෝකයේ අනිකුත් රටවල් සමග ඒ සදහා මුහුණ දෙනවාද නැතිනම් අපේ රටේ කොරෝනා ඉවරයි ආර්ථිකය ගැන කථා නොකර ඉන්නවාද ලෝකයේ කොරෝනා වැඩි වෙනවා අඩුවෙනවා ආපසු වැඩිවෙනවා අඩුවෙනවා. එජාපය කියන්නේ ඒ සදහා දිනකට පි. සි.ආර් පරික්ෂන 5000ක් පවැත්විය යුතුයි කියලා. ගෙදර ආර්ථිකය බෙරලා දෙන්න පුළුවන්ද අතට සල්ලි දෙන්න පුළුවන්ද එජාපය ඡන්දයට එන්නේ ගෙදර ආර්ථිකය ශක්තිමත් කරලා අතට සල්ලි දිලා ආපසු ඉදිරියට යන්න කියලා. මෙක අමාරුකාරියක් අපි මුදල් ඉතුරුකරලා දුන්නු නිසා ණය ගෙවන්න පුළුවන් ඔක්තෝබර් මසයේ ඩොලර් මිලියන1000ක් ගෙවන්න ඕන මේ අවුරුද්දට ශතයකත් හම්බු කරලා නැහැ. දෙසැම්බර් 31 වැනිදාවනවිට වාරික තුන හතරකින් තවත් ඩොලර් මිලියන 1500ක් ගෙවන්න ඕන. භය වෙන්න එපා අපි ඉතුරුකරලා ගිහින් තියෙන්නේ ඩොලර් මිලියන 2500ක් මේ අය ඩොලර් එකක්වත් හම්බකළේ නැහැ. ඉතුරුවෙලා තියෙන්නේ ඩොලර් මිලියන 4000යි මාස තුනක බඩු භාණ්ඩ ආනයනය කරන්න බැරිවෙනවා. පරිප්පු කන්න එපා කියාව්. අපිට මුදල් නැතිනම් මොකක්ද කරන්නේ අපෙ ආණ්ඩුව මාසයකට රුපියල් මිලියන 1.50000ක් එකතු කළා. ජුනි මාසයේ මේ ආණ්ඩුව එකතු කළේ මිලියන 50000ක් විතරයි. රජයේ සේවකයින් විශ්‍රම වැටුප් ගෙවන්න මිලියන 90000ක් අවශ්‍යයි. ණය ගත්තා ඒ ගැන කියන්න ඔන නැතඅපි අමාරුතැනකට ඇවිල්ලා ඉන්නේ ජාත්‍යන්තර් සංවිධාන වලින් මුදල් ආධාර සොයාගෙන මේ අර්බුදයට මුහුණදිය හැක්කේ එජාපයට විතරයි 2001 දි මුදල් හොයලා දුන්නා 2015 දි ණයබර ඉවත්කරන්න ආධාර උපකරා ලබා ගත්තා 2019 දි අපි මුදල් අරන් දුන්නා ඒ මුදල් යොදවලා ආර්ථිකය ශක්තිමත් කරලා සංචාරක වි්යාපාරය ආරක්ෂා කරලා රැකියා ලබාදිලා වෙළදාම දියුණු කරලා එජාපය වැඩසටහනන් ආරම්භ කරලා තියෙනවා එක තමයි අපේ නව ආර්ථික ප්‍රතිපත්ති රාමුව 2001,2015,2019 මෙක අතගැසුවිට සාර්ථකව විසදන බව කියන්න ඕන. අවුරුද්දක ආණ්ඩුව මේ බරගන්න ඕන ඒ බර අරගෙන ඉදිරියට යන්න අපි සුදානම් කියලා කියන්න ඕන
මේ පක්ෂය භාරගන්න තරුණයින්ට එන්න කියලා තියෙනවා. අලුත් මුහුණු අවශ්‍යයි.පක්ෂය බාරගතයුතුයි එකතැන පල්වේවි ඉන්න අවශ්‍ය නැහැ සමහර අය වාගේ ඔබේ අනාගතයට වැඩසටහනක් ඉදිරිපත් කරලා තියෙන්න එජාපය විතරයි ආණ්ඩුව තුනේන දෙකක් ඉල්ලනවා තුනෙන් දෙකක් දුන්විට ණය ගෙවන්න පුළුවන්ද කොරෝනා තුරන් වෙලා යනවාද ලෝකයා අපිට ඇවිත් අපිට සල්ලි දෙනවාද කියලා .මට බනින අය එක්කවත් මම බනින්න යන්නේ නැහැ නේ. සහෝදරයින් දෙදෙනෙකුට ආණ්ඩුව දිලා එක වෙලක් කනවාද එජාපයට ඡන්දය දිලා තුන්වෙලක් කනවාද කියලා අගෝස්තු මස 05 වැනිදින මේ රටේ ජනතාව ආපසු වට්ටන්න දෙන්න බැහැ අපි මෙතෙක් දුර ගෙනවා අපි ඉදිරියට යන්න ඕන එක ආරක්ෂ කරන්න එජාපය ඉදිරිපත් වෙලා තියෙන්නේ යැයිද එජාප නායකවරයා කිවේය
ජිනේෂ් නානායක්කාර