ඇමෙරිකා එක්සත් ජනපදය වෙනත් රටවලට තර්ජනය කර බේරී යාමට තරම් තමන් බලවත් යැයි සිතීම වැරැද්දක් බවත්, සෝවියට් සංගමයේ බිඳ වැටීමටද එම වැරැද්ද හේතු වූ බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අවධාරණය කරයි.
මොස්කව් පාලනයට එරෙහි එක්සත් ජනපද සම්බාධක ගැන කතා කරමින් මාධ්‍ය හමුවකදී රුසියානු නායකයා මෙම අදහස් ප්‍රකාශ කර තිබේ.
එසේම පූටින්ගේ මෙම අදහස් පැමිණෙන්නේ, ඔහු වත්මන් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමග සාකච්ඡා පැවැත්වීමට දින කිහිපයක් තිබියදීය. කෙසේ වෙතත් බයිඩන්ගේ කැබිනට් මණ්ඩලය පසුගිය අපේ‍්‍රල් මාසයේදී රුසියාවට ස්වෛරී ණය වෙළෙඳ පොළ බාධාවන් ඇතුළු පුළුල් සම්බාධක පැනවීය.
"කොංග්‍රසයෙන් (එක්සත් ජනපද), වෙනත් මූලාශ්‍රවලින් අපට තර්ජන අසන්නට ලැබෙනවා. මේ සියල්ල සිදු කරනු ලබන්නේ එක්සත් ජනපදයේ අභ්‍යන්තර දේශපාලන ක්‍රියාවලියේ සන්දර්භය තුළයි" පූටින් පවසා සිටියේය.
"මෙසේ තර්ජනය කරන පුද්ගලයන්, ඔවුන් බොහෝ විට උපකල්පනය කරන්නේ එක්සත් ජනපදයට එවැනි තර්ජනය කිරීමකට ආර්ථික, හමුදාමය හා දේශපාලන ශක්තියක් ඇති බවයි. ඒ හරහා ගැලවී යා හැකි බවයි. එසේ බේරීයාම ලොකු දෙයක් නොවන බවයි. ඔවුන් සිතන්නේ එයයි." එවැනි හැසිරීම් තමාට සෝවියට් සංගමය සිහිගන්වන බව පූටින් පැවසීය.
"අධිරාජ්‍යවාදීන්ගේ ගැටලුව නම්, ඔවුන් සිතන්නේ, ඔවුන් යම් යම් වැරදි කිරීමට තරම් බලවත් බවයි. අනෙක් මිනිසුන් (රටවල්) මුදලට ගත හැකි බවයි. ගොනාට ඇන්ඳවිය හැකි බවයි. හිරිහැර කළ හැකි බවයි. තොණ්ඩුව දාගත හැකි බවයි. යුද නෞකා පෙන්වා බියගැන්විය හැකි බවයි. මේ හරහා ප්රශ්නය විසඳිය හැකි බව ඔවුන් සිතනවා. නමුත් ගැටලු තවදුරටත් එකතු වෙනවා. ඒවා තවදුරටත් විසඳිය නොහැකි මොහොතක් පැමිණෙනවා." පූටීන් කියා සිටියේය.
බයිඩන් සහ පූටින් එලැඹෙන ජුනි 16දා ජිනීවා නුවරදී හමුවීමට නියමිත බව ධවල මන්දිරය සහ ක්‍රෙම්ලිනය තහවුරු කර ඇති අතර, දැවෙන ප්රශ්නවල සම්පූර්ණ පරාසය ගැන සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ බව සඳහන් වේ.