සෙස් බද්ද යටතට අලුතෙන් ඇතුළත් වන හා ඉන් ඉවත් කරන භාණ්ඩ ඇතුළත් ගැසට් නිවේදන හතරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ත්‍රිවිධ හමුදාවේ හා කොවිඩ් මධ්‍යස්ථානයේ ඉල්ලීම් හත කොවිඩ් - 19 වසංගත තත්ත්වය වැළැක්වීම සඳහා අවශඨ ඖෂධ, රසායනික ද්‍රව්‍ය, සෞඛ්‍ය ආරක්ෂක උපකරණ, යන්ත්‍රෝපකරණ ආදී නිශ්පාදන ආනයනය කිරීමේදී හෝ ආනයනය කර සැපයීමේදී හෝ ආනයනය කර පරිත්‍යාග කිරීමේදී හෝ සෙස් බද්දෙන් නිදහස් වෙයි.
පෝට්ලන්ඩ් සිමෙන්ති ආනයනයේදී අදාළ වන සෙස් බද්ද අනුපාතික පදනම මත අය කිරීම වෙනුවට ඒකක පදනමින් අය කිරීම.
සිමෙන්ති කැට ආනයනය කිරීමේදී සෙස් බද්ද ඉවත් කිරීම.
පාවහන් නිෂ්පාදන සඳහා අවශ්‍ය ඇතැම් කොටස්, සූතිකා බල්බ හා නම්‍යශීලී ඇසුරුම් ද්‍රව්‍ය ආනයනය කිරීමේීදී සෙස් බදු පැනවීම.