මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂයට සඳහා ජංගම දුරකතනයක් භාවිතයෙන් පිළිතුරු ලිවීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සිසුවා හා ඔහුට පිළිතුරු කෙටි පණිවිඩ මගින් යොමුකිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත් ගුරුවරිය ඇප මත නිදහස් කිරීමට බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය
නඩුව නැවතත් ලබන වසරේ පෙබරවාරි මස 07 දා කැඳවිමට නියමිතය. අදාළ සිසුවා ඊයේ දිනයේදීත්, අදාළ ගුරුවරිය අද දිනයේදීත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
බලංගොඩ රෝහණ වසන්ත