වෛද්‍ය ෂාෆි සියාබ්දීන් මහතාගෙන් සිසේරියන් සැත්කම් කිරීමෙන් අනතුරුව නැවතත් දරුවෙකු පිළිසිඳ නොගත් බවට පැමිණිලි කළ මව්වරුන්ගේ පරීක්ෂණ කොළඹ කාසල් රෝහලේදී හා කොළඹ සොසියා රෝහලේදී සිදුකිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
එම පරීක්ෂණ සිදුකිරිමට අදාළව උපකරණවල ඌණතා තිබේ නම් එම පහසුකම් සපයන ලෙසත් අධිකරණය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වෙත නියෝග කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
එම පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රකාශක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
එසේම මව්වරුන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අධිකරණය විසින් පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි පැමිණිලිකාරියන් පරීක්ෂා කිරීම සඳහා ගරු අධිකණය විසින් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් පත්කරමින් අධිකරණ නියෝගයක් ලබාදුන්නා.
ඒ අනුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාගේ සභාපතිත්වයෙන් තවත් විශේෂඥ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරු දෙදෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විතයි.”
මීට අමතරව පසුගිය වසර පහක කාලය තුළදී කුරුණෑගල රෝහලේ වෛද්‍යවරුන් සිදුකළ සිසේරියන් සැත්කම් ගණනත් ඒ සැත්කම්වලින් පසුව ඇතිවූ සංකූලතා ගණන කොපමණද යන්න ගැන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය ලේකම්ට අධිකරණය නියෝග නිකුත් කර ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.