සීෂෙල්ස් ජනාධිපති වාවෙල් රාම්කලවාන් කොවිඩ්-19 වෛරසයට එරෙහි චීනය නිපදවූ සීනොෆාම් එන්නතෙහි පළමු වැනි මාත්‍රාව ලබාගත් අප්‍රිකාවේ පළමු රාජ්‍ය නායකයා බවට පත්විය.
ඉන්දියානු සාගර දූපත් සමූහයේ එන්නත් කිරීමේ මෙහෙයුම ආරම්භ කිරීම සඳහා පැවති ප්‍රසිද්ධ උත්සවයකදී ජනාධිපතිවරයා විසින් මෙසේ සීනෝෆාම් එන්නත ලබාගන්නා ලදී.
ඒ අනුව වෛරසය තවදුරටත් පැතිරීම නැවැත්වීමේ සටනට එක්වීමට 97,000 ක පමණ ජනතාව ඒකරාශී කරමින්, 59 හැවිරිදි ඔහු ඊට නායකත්වය දෙනු ලැබීය.
"එය හරියටම වෙනත් සාමාන්‍ය එන්නතක් ලබාගන්නවා වගේමයි" ඔහු කීවේ එන්නත ලබා ගන්නා ලෙස සීෂෙලොයිස් ජනතාව උනන්දු කරමිනි.
හිටපු ජනාධිපති ඩැනී ෆෝර්ද, වත්මන් වෛරසයට එරෙහි රටේ අරගලයට දැක්වූ සහයෝගය පෙන්නුම් කරමින් වත්මන් ජනාධිපතිවරයා සමග ඔහුගේ පළමු එන්නත් මාත්‍රාව ලබාගැනීමද විශේෂත්වයක් විය.
ඊයේ දිනය වනවිට සීෂෙල්ස් හි එක් මරණයක් සමග සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 531 ක් වාර්තා වී තිබේ.
සීෂෙල්ස් එන්නත ලබාදීමේ මෙහෙයුම ආරම්භ වන්නේ චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී සිය අප්‍රිකානු සංචාරයේ කොටසක් ලෙස දිවයිනට පැමිණ දිනකට පසුවය. කොවිඩ්-19 ට එරෙහි රටේ සටනට මේ සතිය මුලදී චීන ව්‍යාපාරික ප්‍රජාවෙන් මුඛ ආවරණ ලක්ෂයක් පරිත්‍යාග කිරීමත් සමග ශක්තිමත් වූ බවද එරට මාධ්‍ය වාර්තා පවසයි.