පැහැර ගැනිමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවගෙන් අද දිනයේදීත් පැය 4ක ප්රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේය.
අද දිනයේදී ඇය ප්රකාශය ලබාදුනනේ තෙැවැනි දිනයටයි. පෙ.ව. 9.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි සේවිකාව පස්වරු 1.00ට පමණ එයින් පිටව ගියාය.
සේවිකාවගෙන් පෙරේදා දිනයේදී පැය නමයක්, ඊයේ දිනයේදී පැය 6ක්ද ප්රකාශ සටහන් කර ගැනීමට කටයුතු කළේය.
ඒ අනුව ඇයගෙන් දින තුනක් තුළ පැය 19ක ප්රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සටහන් කරගෙන තිබේ.