පැහැර ගැනීමකට ලක්වූ බව කියන කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව තෙවැනි දිනයටත් ප්රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියාය.
පෙරේදා දිනයේදී පැය නමයක්, ඊයේ දිනයේදී පැය හයක් බැගින් ඇයගෙන් මේ දක්වා ප්රකාශ සටහන් කරගෙන තිබේ.
එසේම එළැඹෙන 12 දා දක්වා ඇයට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක්ද අධිකරණය විසින් නිකුත් කර තිබේ.