(UPDATE)පැහැර ගැනීමට ලක්වූ බව පැවසෙන ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16දා) නියෝග කළේය.
නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගානියා බැනිස්ටර් නමැත්තිය අද (16දා) සවස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
රජය කෙරෙහි අපකීර්තියක් ඇති කිරීමට කටයුතු කිරීම හා සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීම යන චෝදනාව මත ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදී තිබිණි.
පැහැර ගැනීමට ලක්වූ බව කියා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇයව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.