ඊජිප්තුවේ සූවස් ඇළ හරහා සිරවී ඇති දැවැන්ත බහාලුම් නෞකාව මුදාගැනීමේ මෙහෙයුම් සඳහා අමතර ටග් යාත්රා යොදාගෙන තිබේ.
දැඩි වඩදිය තත්ත්වය සමග නෞකාව ඉවත් කිරීමට උත්සාහ කළද එය අසාර්ථක වී ඇති අතර, ටග් යාත්රා යොදා ගනිමින් නෞකාවේ සුළු චලනයක් පමණක් දැනට සිදුකර ඇති බව කියයි.
ඒ අනුව මෙහෙයුම යම් ප්රගතියක් ලබා තිබුණත්, එය අසමත් වුවහොත් විකල්ප වෙත යොමුවීමටද සූදානමින් සිටියි.
එහිදී නෞකාවේ බර සැහැල්ලු කිරීමට සූදානම් වන ලෙස ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆට්ටා අල් සිසිද නියෝග කර තිබේ.
නෞකාව තුළ වූ බහාලුම් වෙනත් යාත්රාවකට හෝ ඇළ ඉවුරට ගැනීම තවත් විශේෂ මෙහෙයුමක් වන අතර, මීටර 60කට (අඩි 200) වඩා උසකින් යුතු දොඹකරයක් ඇතුළු විශේෂ උපකරණ එම ස්ථානයට ගෙනඒමද යම් කාලයක් වැය විය හැකිය.
සූවස් ඇළ ලෝකයේ වඩාත් කාර්යබහුලම වෙළෙඳ මාර්ගවලින් එකක් වන අතර, මෙම යෝධ නෞකාව පසුගිය සතිය මුල මෙසේ ඇළ හරස් කරමින් සිරවීම නිසා ඇළ මාර්ගය දෙපස 300කට වැඩි නෞකා ප්රමාණයක් නැංගුරම්ලා තිබේ.