කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 15ක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව මැයි 30දා දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
මෙම නාවික පුද්ගලයින් සියළු දෙනාම කොවිඩ් - 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර තිබුණි.
ඔවුන්ගෙන් 08 දෙනෙකු අයිඩීඑච් රෝහලින්ද. සිව්දෙනෙකු (04) හෝමාගම රෝහලින්ද, දෙදෙනෙක් (02) මුල්ලේරියාව රෝහලින්ද, තවත් එක් (01) නාවික පුද්ගලයෙකු නාවික මහ රෝහල වෙතින්ද ප්‍රතිකාර ලබා ගන්නා ලදි.
මෙම නාවික හමුදා පුද්ගලයින් 15 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 403ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.